නිහඬ වීමට
නොදන්නා අපේ සිත
බුස්වාභාවික පරිසරය හැම විට ම පවතින්නේ නිශ්ශබ්ද ව ය. ස්වභාවධර්මයෙහි පවතින
නිශ්ශබ්දතාව ආශ්චර්යවත් ය. ‘නිශ්ශබ්ද’ යන වචනයෙහි අර්ථය ‘ශබ්ද නැති’ යන්න යි. යම්
ස්ථානයක ශබ්ද නැත්නම් එතැන නිශ්ශබ්ද යි අපි කියමු. එහෙත් නිශ්ශබ්දතාවේ ආශ්චර්යය මතු
වන්නේ, එය ශබ්ද නැති බව ද ඉක්මවා යෑම තුළිනි.
සිතේ ඉහළ ම දියුණුව නිවනයි
ලොව ඇති සියලු ශක්තීන් අබිබවා යමින් සිත මුල් තැන ගනියි. එබැවින් බුදු පියාණන්
වහන්සේගේ චිත්ත ශක්තිය තුළින් අවබෝධ කරගත් දේ අද දක්වා කිසිම විද්‍යාඥයකුට සොයා
අවසන් කළ නොහැකි විය. ඉදිරි අනාගතයේදීවත් එසේ කිරීම නොහැකි වනු ඇත.
ඍණාත්මක චින්තනයට එරෙහිව...
ධනාත්මක චින්තනයක් ගැන කතා කරන්නට සිදු වී තිබේ. ඒ කුමක් නිසා ද? ඍණාත්මක
චින්තනයක් ද ඇති හෙයිනි. ලොව, මෙබඳු තත්ත්ව හැම දා මත් ඇති විය. එබැවින්
මෙය අදට සීමා වුණු දෙයක් නො වන බව කිව යුතු ය. ඇතැම් කාලවල ධනාත්මක චින්තනය
හොඳින් ක්‍රියාත්මක වේ. තවත් ඇතැම් කාලවල ඍණාත්මක චින්තනය හිස ඔසොවයි.
ඇත්තට ම මේ ජීවිතය මගේ ද
ජීවිතය ‘මගේ’ ය කියා හිතුවත්, ජීවිතය ගැන හරි අවබෝධයක් ඔබට නැති බව පිළිගැනීමට ඔබ
අකැමැති වුණත්, එය බුදු හිමියන්ගේ ප්‍රකාශයක් නිසා, එහි ඔබ නොදන්න ඇත්තක් තියෙන්නට
පුළුවනි. ඒ නිසා ඒ ගැන ටිකක් ගැඹුරින් සිතා බැලීම ඔබේ යුතුකමක් ය.
|