« 2012 පෙබරවාරි » | කර්තෘට ලියන්න

Loading
 

හිතේ මෙන් ම ගතේ ලෙඩට ද බෙහෙත් දුන් උතුම් වෙදාණෝ

මිනිසාට බලපාන අනේකවිධ ප්‍රශ්න අතර සෞඛ්‍ය ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගනියි. මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම රජයට මෙන් ම ජනතාවට ද තිබෙන වගකීමකි. වර්තමානයෙහි මිනිසුන්ගේ ම ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසා විවිධාකාර රෝගවලට ගොදුරු වෙයි.

D a r k   C o l o u r s   අඳුරු ඇඳුමට පෙම් බැඳි ගැහැනු

විකිණීම සඳහා නිපදවන භාණ්ඩයක අගය සමාජය වෙත ගෙන යෑමට විවිධ ප්‍රචාර ක්‍රම යොදාගැනේ. එය විය යුතු දෙයකි; අවශ්‍ය දෙයකි. එහෙත් මේ අවශ්‍යතාව සාධු සම්මත සමාජ වටිනාකම් සමඟ ගැටෙන්නේ නම් එය ප්‍රශ්න කළ යුතු ය. එයින් මානව සබඳතාවලට හානියක් අයහපතක් වීමට ඉඩ ඇති හෙයිනි.

කය

කයට දැනෙන පහස නිසා අපි මුළා වෙමු. ඒ වින්දනය නැවත නැවත ලැබීමට සිත පෙලඹෙයි. ඒ නිසා සිතිවිලි උපදියි. සිතිවිලි නිසා කර්ම භව රැස් වෙයි. කර්ම භව නැවත උපතකට මුල පුරයි. මෙහි අවසානයක් නැත. තිරිසන් සතුන් මෙන් අපි ද ඉපදී තම වර්ගයා බෝ කර මැරී යමු; නැවත ඉපදෙමු.

මුළු ලොව ම මෛත්‍රියෙන් පිරේවා!

මේ දැන් තිබෙන පැහැදිලි ප්‍රභාෂ්වර සිත ඒ තරහ ගිය අවස්ථාවලත් තිබුණා නම් මම කොතරම් බුද්ධිමත්ව ද ක්‍රියා කරන්නේ? අර අතපසු වුණු තරම් වැඩ කොටසක් අත පසු වෙන්නේ නැහැ නේද? මේ තරහව ගැටීම මා මුළා කළා; පුංචි දරුවකු බවට පත් කළා. මේ තරහට නින්දා වේවා!