Loading
 

සිතේ වැරැද්ද

අප මුළු මහත් ජීවිතය තුළ ම බලාපොරොත්තු වන්නේ සැප, සතුට ලබන්නට නො වේ ද? අපේ සියලු ප්‍රයත්නයන් ඒ සඳහා ය. පුංචි දරු පැටියකු ලොව එළිය දකින විට ඒ දරු පැටියා හය හතර නො දනී. කිසිත් තේරුම් ගත නොහැකි බිලිඳා දන්නා එක ම දෙය නම් සියල්ලට ම හැඬීම ය.

ගසට වැඩෙන්නට ඉඩ දෙන්න

දහම් පුහුණුව විවිධ ක්‍රමවලින් යුක්ත ය. ඒවායේ මූලික බලාපොරොත්තුව ඔබ දන්නේ නම් ඒ විවිධ ක්‍රමවලින් ඔබ නොමග යන්නේ නැත. ඒ කෙසේ වුවත් ඔබ පුහුණුවීමේදී සීලයට හා හිතේ ඒකාග්‍රතාවට නියම අන්දමින් ගරු නොකරන්නේ නම් ඔබේ බලාපොරොත්තුව සපල නො වේ.

දුක පිරිසිඳ දකින්න

ඔබ ප්‍රාර්ථනා කරන නිවන අත්දැකීමට නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනිවාර්යයෙන් ම දියුණු කළ යුතු වේ. “ඒසෝව මග්ගෝ නත්ථඤ්ඤෝ - දස්සනස්ස විසුද්ධියා” නිවන් අවබෝධ කිරීමට ඒ හැර වෙනත් මාර්ගයක් නොමැත.

මළ පසු ද පින්කමකට හවුල් වෙමු!

දන්සල් පැවැත්වීම, මල් පූජා වෙහෙරවිහාර පිළිසකර කිරීම් ආදි ජනප්‍රිය වූ කුසලකර්ම හැරුණු විට, සුඛයෙන් ම නිර්වාණය පවා සාක්ෂාත් කර දීමට හැකියාවක් ඇති, අත්‍යුත්තම වූ මහා කුශලකර්මයක් සිදු කරගැනීමට මෙම ලිපිය තුළින් ඔබට මං විවර වනවා ඇති.