« 2012 අගෝස්තු » | කර්තෘට ලියන්න

Loading
 

‘මම’ නැති විට බිය කොයින් ද?

ප්‍රකට ලේඛකයකු සහ දේශකයකු වන ශාස්ත්‍රපති, විද්‍යාපති ඒ. එස්. බාලසූරිය මහතා සමඟ දිමුතු රුවන් පියසේන මහතා පැවැත්වූ සාකච්ඡාවකි මේ. ‘බෞද්ධයා’ රූපවාහිනිය මගින් කලකට පෙර ප්‍රචාරය වූ මේ සාකච්ඡාව ‘මම’ යන සංඥාවෙන් මිඳීමට කිසියම් මඟපෙන්වීමක් කරයි.

රැල්ලට හසු නො වී ගඟ හරහා පිහිනීම

බුද්ධ කාලීන භාරතයෙහි කුල සතරකින් යුතු සමාජ සංවිධානයක් වූ බැවින් එය චතුර්වර්ණ සමාජය ලෙස හැඳින්විණි. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍ර නම් වූ මෙම සතර වැදෑරුම් කුල ක්‍රමය සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂේප කළ බුදුන් වහන්සේ නවතම දර්ශනයක් මත පදනම් වූ බෞද්ධ සමාජ සංවිධානයක් ද ගොඩනැඟූ හ.

සුදු කෙස් ගසේ පණිවිඩය

එක් කලෙක අප බුදු රජාණන් වහන්සේ මියුලු නුවර මඛාදේව නම් අඹ වනයෙහි වැඩවසන සමයේ එක්තරා ප්‍රදේශයක් දිහාවේ බලලා සිනාවක් පහළ කළා. එය දුටු අනඳ තෙරණුවන්ට මෙසේ කල්පනා වුණා: ‘භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු ප්‍රත්‍ය කවරේ ද? කාරණයක් නොමැතිව තථාගතයෝ සිනා පහළ නොකරති’ යි යනුවෙනි.

නැකැත්, සෙත්කවි හා වස්කවි

සාමාන්‍ය සිංහල බෞද්ධයා බෞද්ධයකු වශයෙන් පෙනී සිටිමින් ම දහමට පරිබාහිර බලවේගයන් ඇසුරෙන් මෙලොව සුබසෙත ලබාගැනීමට උත්සුක වෙයි. නැකැත් සතර හෙවත් ජ්‍යෝතිෂය මිනිසා වෙත පැමිණෙන ශුභාශුභ ඵල කල්තියා දත හැකි ගුප්ත බලයක් ඇති ශාස්ත්‍රයක් ලෙස සිංහල බෞද්ධයන් අතර දිගුකලක් තිස්සේ පැවතී එන්නකි.